Followers

Itdlh

 


Net work 

උපජාලකරණය 01 කොටස​

අද අපි පටන් ගන්න යන්නෙ Subnetting කොටස. මේක තමා පළවෙනි Subnetting කොටස​. මේකට අවශ්‍ය මූලික දැනුම ගන්න ඕනෙ දේවල් ගැන මම කලින් ලිපි තුනකින් කතා කරා. ඒ තුන කියෙව්වෙ නැත්නම් කියවලම එන්න​. උපජාලකරණය ගැන කතා කරන්න කලින් දේවල් දෙකක් ගැන කතා කරන්න තියනවා. ඒ දෙක බලලා ඉමු.

1. උපජාල වසනය​ (Subnet Mask – SM)

Subnet Mask එක පාවිච්චි කරන්නේ ip address එකක NID එකට සහ HID එකට අදාළ බිට් ගණන හදුනාගන්න​. මේකෙදි අපි කරන්නෙ එකට අදාළ ඔක්කොම බිට් වල අගය 1 කරන එක සහ එකට අදාළ ඔක්කොම බිට් වල අගය 0 කරන එක​.

  • Class A SM – 255.0.0.0
  • Class B SM – 255.255.0.0
  • Class C SM – 255.255.255.0

හිතන්න​, ඔයා ගාව ip address එකක් තියනවා. ඔයා ඒ ip address එක ඒකට අදාළ Subnet Mask එකත් එක්ක AND මෙහෙයුමකට ලක් කරොත් ඔයාට එන උත්තරේ තමා ඒ ip address එකට අදාළ Network Address එක​.

2. Network Prefix

IP Address එකක NID එකට භාවිතා වෙන බිට් ගණන ip address එක අගින් ඇල ඉරක් දාල ලියන එක තමා Network Prefix කියලා කියන්නේ. මේකට CIDR Notation (Classless Inter-Domain Routing) කියලත් කියනවා.

උදා –

  • 134.65.45.14/16
  • 23.234.12.54/8

දැන් එහෙනම් අපි යමු උපජාලකරණය ගැන කතා කරන්න​.

උපජාලකරණය (Subnetting) කියන්නෙ පරිගණක ජාලයක් තවත් උපජාල කිහිපයකට වෙන් කරන එකට​. පරිගණක ජාලයක NID එක අපිට වෙනස් කරන්න බෑ. ඒ නිසා උපජාලකරණයට අපි යොදා ගන්නේ HID එක​.

මේකෙදි අපි කරන්නෙ උපජාලය (Subnet) හදුනාගන්න HID එකෙන් බිට් එකක් හෝ කිහිපයක් වෙන් කරන එක​. යට තියන Class C වර්ගයේ IP Address එක බලන්න​.

192.39.75.0/24

මේ Network එකේ අවසාන අෂ්ඨකය (Octet) තමා එකට අයත් වෙන්නෙ. අෂ්ඨකය කියන්නෙ මොකද්ද කියල මම මීට කලින් කියල තියනවනෙ. ඒ කියන්නෙ HID එකට බිට් 8ක් තියනවා.

අපි මුලින්ම පොඩි ගානක් බලමු. ජාලය උපජාල දෙකකට කඩන එක බලමු. දීලා තියන ip address එකේ HID එකට අදාළ බිට් 8 න් පළවෙනි බිට් එක Subnet එක හදුනාගන්න වෙන් කරමු. ඉතිරි වෙන බිට් හත HID එකට වෙන් කරනවා.

Referend

https://ict-sinhala.com/subnetting-sinhala-01-networking-sinhala/



No comments:

Post a Comment